hit counter

2026 ඔක්‍තෝබර් මස 16 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 16, ප.ව. 8:08



පූජ්‍ය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් තමන් වහන්සේ ඇතුළු පිරිස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටින බව බළන්ගොඩ කස්සප හිමියන් පවසති.

අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ වෙනත් කළ හැකි දෙයක් නොමැති බැවින් තමන් වහන්සේ ඇතුළු පිරිස කොළඹ ගස් යට මෙන්ම ගාලු පාර දිගේ විවිධ ස්ථානවල මේ වන විට රැඳී සිටින බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති සමාව යටතේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, එම ඉල්ලීම ඉටුවන තෙක් තමන් වහන්සේලා කොළඹ අතහැර නොයන බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.