2024 ඔක්තෝබර් 15, පෙ.ව. 12:05
හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු හදිසි ඇමතුම් අංක 117ට දැනුම්දෙන ලෙසට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදු කරනවා.
එමෙන්ම 011 21 36 136, 011 24 36 222 සහ 011 26 70 002 යන දුරකතන අංකවලටත් දැනුම්දිය හැකියි.
දිවයින පුරා පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් පවුල් 34,429කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත්වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් මෙලෙස පීඩාවට පත්වී ඇති බවයි.
එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව සඳහන්.
නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පවුල් 1753කට අයත් පුද්ගලයින් 6963 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රඳවා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
2024 දෙසැම්බර් 21, ප.ව. 3:42
2024 දෙසැම්බර් 21, ප.ව. 2:05
2024 දෙසැම්බර් 21, ප.ව. 1:41
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:13
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:10
29-11-24
29-11-24
30-10-24
30-10-24
25-10-24
25-10-24
22-10-24
22-10-24
20-10-24
20-10-24
18-10-24
18-10-24
12-10-24
12-10-24
20-04-24
20-04-24
04-01-24
04-01-24
02-01-24
02-01-24