hit counter

2025 මැයි මස 20 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:06



මෙරට කළු දිලීර රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ ප්‍රතිශක්තිය හීනවීම හේතුවෙන් හටගන්නා, මියුකොමයොකොසිස් නමින් හඳුන්වන මෙම රෝගය නාසය හරහා ආසාදනය වන රෝගී තත්ත්වයක් බවයි.

නිසි වෛද්‍ය ප්‍රතිකාර මඟින් රෝගය පාලනය නොකළහොත් එය ඇස් දක්වා වර්ධනය වී අන්ධභාවයට වුවද පත්වීමේ අවධානමක් පවතින බවද වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේද අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර පවසයි.