hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 16, පෙ.ව. 1:47



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පැවැති දෙවන T20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ සමග තරගාවලිය තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙයි.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය.

පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිමට කොදෙව්වන්ට පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

ප්‍රථම ජාත්‍යන්තර T20 තරගයට ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 9කට කඩුලු 3ක් දවා ගත්තා.

මහීෂ් තීක්ෂණ ලකුණු 7කට කඩුලු 02ක්, චරිත් අසලංක ලකුණු 6කට කඩුලු 2ක්, වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 2ක් සහ මතීෂ පතිරණ ලකුණු 12කට එක් කඩුල්ලක් ලබා ගත්තේය.

Example Image