hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:02



සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම විදුහල්පතිවරුන්ට ලිපියක් ඔස්සේ දැනුම්දීමක් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හා විෂය ධාරාවේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ සෑම පාසලකටම පෙර වර්ෂවලදී ඇතුලත්වූ ශිෂ්‍ය සංඛ්‍යාවට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් වෘත්තීය විෂය ධාරාව සඳහා යොමුකිරීමට සැලැස්මක් සකස් කිරීමටද කලාප අධ්‍යාපන කාර්යාලවලට උපදෙස් ලබාදී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: