hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:02



දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුවියන්ට ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමේ අරමුණින් ලබාදෙන එච්.පී.වී එන්නතෙන් පසු ඇති වන සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනු ලබනවා.

කළුතර ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යාවන් පස් දෙනෙකුට අදාල එන්නත ලබාගැනීමෙන් පසු උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ මතුවී ඇති වීමත් සමඟ මෙම නිවේදනය නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කළේ ය.

කෙසේ වෙතත් අදාල සිසුවියන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඔවුන් යථා තත්වයට පත් වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ, එන්නත් ලබාදීමේ දී දරුවන් තුළ ඇතිවන බිය නිසා මෙවැනි තත්වයන් දක්නට ලැබෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: