hit counter

2025 ජනවාරි මස 05 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 21, ප.ව. 3:55



මෙරට විශාලතම උපයෝගීතා සපයන්නා වන ලංකා විදුලි බල මණ්ඩලය හරිත බලශක්ති විසඳුම් වලට අනුගත වෙමින් තිරසාර බලශක්තිය සඳහා සැලකිවයුතු ප්‍රගතියක් ලබා ඇත. කොළඹ පිහිටි එහි ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථාන ගොඩනැගිල්ලේ PV පද්ධතිය සවිකර එය පවත්වාගෙන යෑම සඳහා සූරිය බලශක්ති සපයන්නෙක් ලෙස නම් දැරූ කීර්තිමත් සමාගමක් වන Regen Renewables (Pvt) Ltd සමාගම තෝරාගෙන ඇත.

රුපියල් මිලියන 12.5 ක වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය Regen Solar විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලද අතර, කිලෝ වොට්ස් 60ක් ස්ථාපනය කිරීම සඳහා චීනයේ Suntech සමාගම විසින් නිෂ්පාදිත උසස් තත්වයේ සූර්ය පැනල සහ Sunways Solar ඉන්වර්ටර් වලින් සමන්විතය. තරගකාරී ලන්සු තැබීමකින් අනතුරුව ගැඹුරු ඇගයීමකින් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් Regen Renewables (Pvt) Ltd ආයතනය මෙම ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා ලදී.

පුනර්ජනනීය කර්මාන්තයේ දශකයකට වැඩි පලපුරුද්දක් ඇති Regen Renewables (Pvt) Ltd වාණිජ හා කර්මාන්ත සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා විශේෂඥතාවයක් සහිත ආයතනයකි. මුදල් අමාත්‍යංශය, ලෙකෝ, ලංකා ට්‍රාන්ස්ෆ්‍රෝමර්ස් ලිමිටඩ්, පරමාණුක බලශක්තිය අධිකාරිය වැනි සුවිශේෂි ආයතන වෙත සූර්‍ය බලශක්තිය සපයන PV සැපයුම්කරු ලෙස විශ්වාසනීය සේවය සපයා ඇත. Regen Solar ආයතනය චීනයේ Suntech නිෂ්පාදන සදහා මෙරට බලයලත් බෙදා හරින්නා වේ.

Regen Solar හා ලංකා විදුලිබල මණ්ඩලය හවුල්වීමට ප්‍රධානතම හේතුව ලෙස ආයතනය පිළිබඳ විශ්වාසනීයත්වයත් තිරසර බලශක්ති භාවිතය පිළිබඳ ආයතනය සතු කැපවීමත් ඒ පිළිබඳව ඇති විශේෂඥතාවයත් මෙම සුවිශේෂී හවුල්කාරීත්වය පවත්වා ගැනීමට හේතුවක් විය.

Regen Renewables (Pvt) Ltd ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, “ලංකා විදුලිබල මණ්ඩලය හා සමග ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන සුවිශේෂී අවස්ථාවක්. ඒ හරහා විශ්වාසදායක ලෙස ජාතියේ තිරසාර ඉලක්ක වෙත දායක වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. ඒවාගේම කාර්යක්ෂම සූර්ය බලශක්ති විසඳුම් මෙන්ම අපගේ ඉංජිනේරුමය හැකියාවන් පිළිබඳ විශ්වාසය තැබීම පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයට කෘතවේදීත්වය පුද කරන්නට මේ අවස්ථාවක් කරගන්නෙමු.”

මෙම මුල පිරීම හරහා පුනර්ජනනීය බලශක්ති සහ තිරසර භාවිතය පිළිබඳ ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරන අතරම, කාබන් පිය සටහන් අඩු කිරීම සහ කලාපය තුළ පාරිසරික භාරකාරාත්වය කිරීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරනු ඇති බව Regen Renewables (Pvt) Ltd ආයතනයේ විශ්වාසයයි.