hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 28, ප.ව. 6:50



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික නිෂ්පාදන අලෙවිකරු වන සිංගර්, මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT- MOBITEL සමඟ හවුල්කාරීත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කරන ලදී. පාරිභෝගික පහසුව වෙනුවෙන් නවතම ව්‍යාපෘති දෙකක ආරම්භය සනිටුහන් කළ මෙම සහයෝගීතාවය තුළින් දිවයින පුරා පිහිටි ඕනෑම සිංගර් ශාඛාවක් මඟින් ජංගම දුරකතන සම්බන්ධතා වෙත පිවිසීමේ අවස්ථාව පාරිභෝගිකයා වෙත ලබා දීමට නියමිතය.

මෙම සහයෝගීතාවයේ එක් පියවරක් වන්නේ දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර 410ක් මඟින් SLT- MOBITEL SIM කාඩ්පත් අලෙවි කිරීමට කටයුතු කිරීමයි. මෙම වැඩසටහන හේතුවෙන් සිංගර් අලෙවිසැල් තුළින් ජංගම දුරකතන මිලදී ගන්නා පාරිභෝගිකයින් හට එම ස්ථානයේදීම ජංගම දුරකතනය සඳහා SLT- MOBITEL SIM පතක් තෝරා ගැනීමේ අවකාශ උදා වේ. මෙය පාරිභෝගිකයින් හට එකම තැනකදී පහසුවෙන් තමන්ගේ සන්නිවේදන විසඳුම් සපුරා ගැනීමටද කදිම අවස්ථාවක් වේ.  SIM කාඩ්පත් මිලදී ගැනීමට අමතරව නව ජංගම දුරකතන සම්බන්ධතාවන් සක්‍රිය කිරීම වෙනුවෙන් ආරම්භක SLT- MOBITEL රීලෝඩ් පහසුකම්ද එම සිංගර් අලෙවිසැල තුළින්ම ලබා ගැනීමට හැකිවීම තවත් පහසුවක් වනු ඇත.

මීට අමතරව 4.5G, VOLTE, 5G වැනි අති නවීන ඉහළ සම්බන්ධතා තාක්ෂණය අත්හදා බැලීමේ සේවාවන් සිංගර් අලෙවිසැල් තුලදී පාරිභෝගිකයින් වෙත ලබා දී ඇති SLT- MOBITEL සිය තුළින් සම්බන්ධතා ජාලය තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු යොදා ඇත. එසේම SLT- MOBITEL හි ආකර්ෂණීය දත්ත පැකේජ සමඟින් විශේෂ වට්ටම් සහිතව 4G/5G සේවාවන් සහිත ජංගම දුරකතන මිලදී ගනිමින් තමන්ගේ ජංගම දුරකතන අලුත් කර ගැනීමේ හැකියාවද මෙහිදී පාරිභෝගිකයාට උදා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිංගර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කර සිටියේ “ සිංගර් පාරිභෝගිකයින් වෙත ප්‍රතිලාභ ලබා දෙන වැඩසටහන් දෙකක් වෙනුවෙන් SLT- MOBITEL සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටට පත්වෙනවා. අපගේ අලෙවි නිෂ්පාදන අතරට SIM කාඩ්පත් එක් කිරීම තුළින් පාරිභෝගිකයින් හට ඔවුන්ගේ සම්බන්ධතා අත්දැකීම් ඉහළ නංවා ගැනීමට හැකිවනවා. අපගේ පාරිභෝගිකයින් හට නවතම තාක්ෂණය සමඟින් හොඳම නිෂ්පාදන පහසුවෙන් ලබා දීමේ අපගේ කැපවීම මේ තුළින් යළි යළි තහවුරු කරන බව මගේ විශ්වාසයයි. එසේම නවතම නිෂ්පාදන හා පාරිභෝගික සේවය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීම සඳහා වන අපගේ කැපවීමද මෙම හවුල්කාරීත්වය තුළින් පිළිබිඹු වනවා.” යනුවෙනි.

මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් SLT- MOBITEL හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා “ අපගේ ගනුදෙනුකරුවන් වෙත වඩා ඵලදායී ආකාරයෙන් සමීප වීමට සිංගර් සතු පුළුල් අලෙවිසැල් ජාලය අසමසම අවස්ථාවක් අප වෙත ලබා දෙනවා. සිංගර් අලෙවිසැල් ජාලය හරහා අපගේ සේවාවන් වැඩි වැඩියෙන් පාරිභෝගිකයා වෙත ගෙන යමින් ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ශක්තිමත් සේවාවක් ලබා දීමට අපි කටයුතු කරනවා. ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සපයන්නා වන SLT- MOBITEL රටක් ලෙස ඩිජිටල්කරණයේ දියුණුව සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ දායකත්වය ලබා දෙනවා. ඒ සඳහා ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය සම්බන්ධතා, ඩිජිටල් සාක්ෂරතාව, සහයෝගය ලබා දීම අපගේ වගකීමක් බව අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා.” යනුවෙන් පැවසීය.

ඒ අනුව මෙම සහයෝගීතාවය යටතේ පහසුව, බාධාවකින් තොරව සම්බන්ධතා වෙත පිවිසීම මෙන්ම ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් භුක්ති විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට උදා වේ. එසේම ඉහළ සම්බන්ධතාවකින් යුත් අනාගතකට මඟ විවර කරන එම සහයෝගීතාව මෙරට ජනතාවගේ නව නිෂ්පාදන හා ජීවන රටාව ඉහළ නැංවීම සඳහා සිංගර් හා SLT- MOBITEL හි කැපවීමද අවධාරණය කරනු ඇත.