hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 05, පෙ.ව. 12:04



පහුගිය ජනාධිපතිවරණයේ දී මාලිමාවට රැවටුණු විශාල පිරිසක් සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දුමින්ද දිසානායක පවසයි.

අද රජයේ සේවකයාට ගුරුවරයාට සිය ආණ්ඩුව වැඩි කළ වැටුපත් නැතිව රු. 5000ත් නැතිව අසරණ වී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

එදා විපක්ෂයේ සිට මේ රටේ පොඩි මිනිහා වෙනුවෙන් කතා කළ මාලිමාව බලයට පත්ව ඔවුන්ට ස්ටේජ් ගැසීමට ජනරැලි පැවැත්වීමට සල්ලි පොම්ප කළ කෝටිපතින්ගේ වාහන දුවන ඉන්ධන මිල පමණක් අඩු කර ඇතැයි ද දුමින්ද දිසානායක චෝදනා කරයි.

මේ නිසා මාලිමාවට කතිරය ගැසූ 85%ක් පමණ ජනතාව කලකිරී අසරණව ඇති බවත් ඒ ජනතාව සමග නැවත දේශපාලනය කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: