2022 අප්‍රේල් 20, ප.ව. 2:10
            
සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
ට්විවර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
එමෙන්ම රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මෙම සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය අපක්ෂපාතී සහ විනිවිද භාවයෙන් පරීක්ෂණයක් පවත්වනු ඇති බවත් විරෝධතා පවත්වන විට ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන්.

                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06