hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:54



ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ මඟ පෙන්වීම යටතේ 2022 බුද්ධගයාවේදී පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන ආරම්භ වූයේ මෙම සම්ප්‍රදායයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමේ අරමුණින්‍ ය.

ඒ අනුව පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර දෙසැම්බර් 21 වන දින ඉන්දියාවේ දී ආරම්භ කිරීමට නියමිත අතර එම වැඩසටහන පුරා මාසයක කාලසීමාවක් ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා සහභාගී වීමට නියමිත භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ඉන්දියානු වැඩසටහන් විස්තරය සාකච්ඡා කිරීම සහ ආශීර්වාදාත්මක සෙත් පිරිත් සජ්ජායනාවක් පසුගිය 15 වන දින හෙයියන්තුඩුව පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ දී පැවැත්විය.

මෙම වැඩසටහන මහෝපාධ්‍යාය, අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ සභාපති හා ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක, ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනාහිමියන්ගේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහනායක මාදම්පාගම අස්සජි මහනායක හිමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූහ.

මෙය බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ , සභාපති, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ නිර්මාතෘ, සභාපති හා අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ සහ පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ ලේඛකාධිකාරී, ආචාර්ය ශර්මිලා මිල්‍ රෝයි මහත්මියගේ මූලිකත්වයෙන් සිදුවිය.