hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:09



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එයා බස් ගනුදෙනුවට අදාළව නිමල් පෙරේරා හරහා කොමිස් මුදලක් ලබාගත් බවට කිසිදු සාක්ෂියක් නොමැති බව හිටපු අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

එයද උගන්ඩා ඩොලර්, ලැම්බෝගිනි, චිචීගේ රොකට්, රත්තරන් අස්පයා වැනි මාලිමාවේ තවත් බොරුවක් බවයි, ඔහු අවධාරණය කරන්නේ.

එයා බස් සමාගමෙන් ප්‍රියංගා විජේනායක කොමිස් මුදලක් ලද බවටත් ඉන් කොටසක් නිමල් පෙරේරා ලබා ගෙන ඇති බවටක් සාක්ෂි ඇත. එහෙත් කොමිස් ගත් බවට පැහැදිලි සාක්ෂි ඇති නිමල් පෙරේරා අත්අඩංගුවට ගෙන නැත.

මේ ආකාරයට කොමිස් ගත් නිමල් පෙරේරා දුන් කට උත්තරයකට අනුව නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ බන්ධනාගාරගත කිරීම නීති විරෝධී වෙයි. මේ ආකාරයට ඕනෑම නිවැරදි පුද්ගලයෙකු කිසිවෙකු ලබා දෙන කට උත්තරයක් මත අත්අඩංගුවට ගතහැකි නම් සමස්ත රටේම ජනතාව අනාරත්ෂික වන බවද උදය ගම්මන්පිල පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: