hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 25, පෙ.ව. 10:13



නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිවයිනේ සියලුම සුරාසල් වසා තැබෙන අතර, එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල්වලට මුද්‍රා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා පවසනවා.

බලපත්‍ර නීති කඩ කරන මත්පැන් හල් පමණක් නොව අද දිනයේදී මත්පැන් අලෙවි කරන සියලු ස්ථානවලට එරෙහිව කටයුතු කරන ලෙස දිවයිනේ සියලුම ස්ථාන භාර සුරාබදු නිලධාරීන්ට උපදෙස් දුන් බවයි ඒ මහතා කියා සිටියේ.

රට තුළ සිදුවන නීති විරෝධී මත්පැන් මර්දනය කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවත්, ඒ සඳහා අවසර ලැබිය යුතු ආයතනවලින් අනුමැතිය ලැබුණු පසු එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මෙම සුරාසැල් අද දිනයේ පමණක් වසා දමන අතර යළි හෙට දිනයේ විවෘත කෙරෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: