2025 ජනවාරි 05, පෙ.ව. 12:05
 
            
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, පෞද්ගලික බස්රථ වලින් වේලාසටහන්කරුවන් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත.
පෙරේදා (03) වේලාසටහන්කරුවන් හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා අතර පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව සභාපතිවරයා මේ බව පවසා ඇත.
වේලාසටහන්කරුවන් පෞද්ගලික බස්රථ වලින් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් බස්රථ සංගම් දැඩි අප්‍රසාදය පළකරයි.
මේ සම්බන්ධයෙන් බස් සංගම් අවස්ථා කිහිපයකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිලි කර ඇතත්, පසුගිය වසර කිහිපය තුළ ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇත.
කෙටිදුර බස් රථයක් වේලාසටහන්කරුවන්ට දිනකට රුපියල් 500ක මුදලක් ලබා දියයුතු අතර, දුර ගමන්සේවා බස් රථයක් රුපියල් 1000ක මුදලක් දෛනිව ලබාදෙන බව සඳහන්.
ඒ අනුව වේලාසටහන්කරුවෙකුගෙ අමතර දෛනික අදායම රුපියල් 7,000ත් 10,000 අතර අගයක් ගන්නා බව වාර්තා වේ. බස් සංගම් පෙන්වා දෙන්නේ, රජය ඉන්ධන මිල ඉහළ දැමූ වහාම බස් ගාස්තු ද ඉහළ දැමීමට සිදුවන්නේ වේලාසටහන්කරුවන්ට අමතර මුදල් ලබාදීමට සිදුවන නිසා බවයි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25