2026 අගෝස්තු 31, පෙ.ව. 12:05
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම පොල් ඵලදාවට ප්‍රධාන වශයෙන් බලපානු ඇත්තේ එළැඹෙන 2027 වසරේදී බව පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා පවසයි.
සාමාන්‍යයෙන් සෑම වසරකම නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පොල් ඵලදාවේ යම් අඩුවීමක් සිදුවන නමුත්, මෙවර පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම තත්ත්වය තවදුරටත් බලපෑ හැකි බව ඔහු පෙන්වා දෙයි.
වියළි කාලගුණය හේතුවෙන් පොල් මල් පීදීම අඩුවීම, පොල් මල් වියළී යාම සහ පොල් ගෙඩි හැලීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රතිඵලය ලබන වසරේ පොල් අස්වැන්න අඩුවීමට හේතු විය හැකි බවද සභාපතිවරයා සඳහන් කළේය.
එබැවින් වියළි කාලගුණයට ඔරොත්තු දීම සඳහා පොල් වගාවේ ජලය රඳවා ගැනීමට හැකි ජල සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම ඉදිරි කාලයේදී නව පොල් වගා ආරම්භ කිරීම සම්බන්ධයෙන් වගාකරුවන් උනන්දු නොකිරීමට පියවර ගන්නා බවද මහාචාර්ය අජිත් ජයවීර මහතා පැවසීය. වියළි කාලගුණ තත්ත්වය හමුවේ නව පොල් වගා විනාශ වීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, 2026 වසරේදී පොල් ගෙඩි මිලියන 3,018ක පමණ වාර්ෂික අස්වැන්නක් අපේක්ෂා කරන බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.
එය 2025 වසරේ ලැබුණු පොල් ගෙඩි මිලියන 2,800ක අස්වැන්නට සාපේක්ෂව සියයට 11ක පමණ වර්ධනයක් බවද සඳහන් වේ.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26