2025 ජනවාරි 08, ප.ව. 2:54
            
මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමේ අවසන් මහා දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණි.
ඒ අනුව මෙහිදි රු. මිලියනය, රු. 500,000/- සහ රු. 250,000/- බැගින් රු. 1,750,000ක් වටිනා ගෘහ විදුලි උපකරණ හිමිකරගන්නා වාසනාවන්ත ජයගා්රහකයින් තිදෙනා තෝරාගැණිනි.
එමෙන්ම මීට පෙර පැවති මාසික දිනුම් ඇදීම් වලින් රු. 25,000ක් වටිනා සුපිරි වෙළඳසැල් වවුචර්පත් 150ක් පිරිනැමෙන අතර, ‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමෙන් ලබාදෙන මුළු තිළිණ වල වටිනාකම රුපියල් 5,500,000කි.
මහජන බැංකුවේ මූල්‍ය ප්‍රධානි අසාම් ඒ. අහමට්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම්, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්, ප්‍රධාන කළමනාකාරිනි (විගණන) නයනා මොරගොඩ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (තොරතුරු තාක්ෂණ) විපුල වර්ණකුල, කළමනාකරු (කාඩ්පත් ව්‍යාපාර හා අලෙවි) අරුණ දන්තනාරායන, කළමනාකාරිනි (කාඩ්පත් ව්‍යාපාර) චලනි සේනානායක, , බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු යූ.පී ගුණවර්ධන යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
                                                        2025 නොවැම්බර් 04, ප.ව. 1:02
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 9:13
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 10:08
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 6:16
                                                        2025 නොවැම්බර් 01, ප.ව. 4:43