hit counter

2026 සැප්‍තැම්‍බර් මස 12 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11



ශ්‍රී ලංකාවේ රන් මිල ඊයේ (11) දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (12) දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 345,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එය ඊයේ දිනයේ දී රු. 343,200ක් ලෙස දැක්වුණ බව වාර්තා වේ.

එමෙන්ම ඊයේ දිනයේ දී රු. 373,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 375,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන බව සඳහන්.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: