2025 ජනවාරි 12, පෙ.ව. 12:00
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි අද දිනයේ කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි දැනුම්දී ඇත්තේ.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:14
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26