hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2025 ජනවාරි 16, පෙ.ව. 12:08



කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසන්නේ, වෘත්තිකයින්ට බලපා ඇති උපයන විට ආදායම් බදු පියවීම සම්බන්ධව පවතින ගැටළු පිළිබඳව හා මෙරට වෘත්තිකයන් රට හැර යාම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ සේවාවන් රටට විධිමත් ආකාරයෙන් සපයා ගැනීම හා සමගාමීව වෘත්තිකයන් වශයෙන් ඔවුන් මුහුණපා ඇති ගැටළු හදුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, බදු අයකර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කර ගනිමින් රජයේ බදු ආදායම ඉහල නැංවීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරන බවයි.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඉදිරියේදී යම් සහනයක් ලබා දීමට ද ඒ හරහා හැකිවනු ඇති බවයි.

ඔහු මෙම අදහස් දැක්වූයේ ඊයේ (15) පෙරවරුවේ මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් හා පැවති හමුවකට එක්වෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: