hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2025 ජනවාරි 23, පෙ.ව. 11:35



ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ නව රජයේ අමාත්වරුන්ගේ කාර්යයන්ට සහ ප්‍රතිපත්ති ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීමටයි.

ඒ අනුව අමාත්‍යංශ සඳහා උපදේශකවරුන් පත් කර ගැනීම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහායක කාර්ය මණ්ඩලයට පත් කර ගැනීම, වාහන සහ ඉන්ධන දුරකථන සබන්තා ආදිය සම්බන්ධයෙන් නිශ්චිතව කරුණු දක්වා ඇත.

උපදෙස් මාලාවේ දැක්වෙන ආකාරයට අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා උපරිම නිල වාහන දෙකක් භාවිත කළ හැකි අතර එම වාහන සඳහා මාසිකව උපරිම වශයෙන් ඉන්ධන ලීටර 900ක් වෙන් කෙරෙන බවයි.