hit counter

2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 29, පෙ.ව. 12:17



77 වන නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු කටයුතු අද (29) දිනයේ සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට අදාළ පෙරහුරු කටයුතු ආරම්භ කිරීමට නියමිත ව තිබේ.

“ජාතික පුනරුදයට පෙළගැසුමු” යන තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ සඳහා යුද, ගුවන්, නාවික, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම සිවිල් ආරක්ෂක බළකා පෙළපාලිද පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මෙහි පෙරහුරු කටයුතු හෙට දිනයේ සිට එළැඹෙන 02 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.

පෙරහුරු පැවැත්වෙන කාල සීමාව තුළ කුරුඳුවත්ත පොලිස් වසමේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය. 

පෙරහුරු රාජකාරි පැවැත්වෙන දිනයන් සහ වේලාවන්,

2025.01.29 පැය 0600 සිට පැය 1200 දක්වා

2025.01.30 පැය 0600 සිට පැය 1200 දක්වා

2025.01.31 පැය 0600 සිට පැය 1200 දක්වා

2025.02.01. පැය 0600 සිට පැය 1200 දක්වා

2025.02.02. පැය 0600 සිට පැය 1200 දක්වා

මෙම විශේෂ රථවාහන සැලැස්මට අදාලව තාවකාලිව සදහන් දිනයන් හි වසා තැබෙන මාර්ගයන්

▶කුරුදුවත්ත විජේරාම මාවතින් විද්‍යා මාවත දෙසට ඇතුල්වීම.

▶කුරුදුවත්ත බද්ධාලෝක මාවතින් මෙටිලන්ටි පෙදෙසට ඇතුල්වීම.

►කුරුදුවත්ත ඌබද්ධාලෝක මාවතින් ප්‍රේම කීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල්වීම.

►කුරුදුවත්ත ස්ටැන්ලි විජේසුන්දර මාවතින් පදනම් ආයතන පාර දෙසට ඇතුල්වීම.

▶කුරුදුවත්ත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල්වීම.

►කුරුදුවත්ත මාර්ටන් පෙදෙස මේටිලන්ට් ක්‍රසන්ට් හංදියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල්වීම.

►කුරුදුවත්ත ආර්.ජි.සේනානායක මාවතින් මේ ටිලන්ඩි ක්‍රසන්ට් ඔස්සේ නිදහස් වටරවුම දෙසට ඇතුල්වීම.

►කුරුදුවත්ත නිදහස් වටරවුම දෙසින් මේටිලන්ට් ක්‍රසන්ටි දෙසට ඇතුල්වීම.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: