hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2025 ජනවාරි 28, ප.ව. 5:07



සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කරන්නට කිසිදු සූදානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කොතරම් අය එළියේදී යෝජනා ඉදිරිපත් කළත් සහල් මිල පාලන මිල ඉවත් නොකරන බව ද අමාත්‍යවරයා කීය.

“ඔය රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙමයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ.”

සති දෙකකට ආසන්න කාලයකදී මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයිද අමාත්‍යවරයා කීය. මේ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක රතු කැකුළු අස්වැන්නක් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: