2025 පෙබරවාරි 02, ප.ව. 2:11
රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන් විසින් සම්පාදනය කරන ලද විවේචනාත්මක පාලි ව්‍යාකරණ ග්‍රන්ථය ”නාමාමාලා” කෘතිය සියම් නිකායේ මල්වතු හා අස්ගිරිය පාර්ශවවල කාරක මහා සංඝ සභාවලට පසුගියදා පිරිනැමිණි. කාරක සංඝ සභා රැස්වූ පසු මහා නියක හිමිපාණන් වහන්සේලා ගේ ආශීර්වාදය සහිතව නාමමාලා පිටපත් පිරිනැමීම සිදුවිය.
මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අනුනායක අති පුජ්‍ය ආචාර්ය, නියංගොඩ විජිතසිරි ඇතුළු හිමිපාණන් වෙත සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය වෙ`ඩරුවේ උපාලි සහ අති පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ඇතුළු හිමිපාණන් වෙත නාමමාලා කෘතියේ පිටපත් එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් පිරිනමන ලද අවස්ථා මෙහි දැක්වේ. නාමමාලා 1870 දී පළමු වරට මුද්‍රණය කර ඇති අතර දෙවැනි මුද්‍රණයක් 1965 වසරේ දී පළ කරන ලද බව දැක්වේ. පාත්ෆයින්ඩර් පදනමේ නැවත මුද්‍රණයක් වශයෙන් මෙම කෘතිය නැවත මුද්‍රණයට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය අනුග්‍රහය දැක්වීය.
නාමමාලා පිටපත් අමරපුර, රාමඤ්ඤ, නිකායයන් ඇතුළු සියළුම පාර්ශවයන්ට, විහාරස්ථානවලට හා පිරිවෙන්වලට ද නොමිලේ පිරිනැමීමට නියමිතය.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13