hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 05, ප.ව. 2:31



පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා පසුගියදා අනුරාධපුර පොලීසිය විසින් රථ වාහන ගැටළුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පිළිබඳ පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ගැටළුවක් මතු කළේය.

එහිදී ඉතා ආවේගශීලී ලෙස හැසිරෙමින් වරප්‍රසාද ගැටළුව අභිබවා වෙනත් කරුණු මතුකළ මන්ත්‍රීවරයාට ලබාදී ඇති ලිඛිත ගැටළුව ඔස්සේ පමණක් අදහස් ප්‍රකාශ කරනා ලෙසට කථානායවරයා කිහිප වතාවක් අවවාද කළත් ඔහු ඊට අවනත නොවී ඉතා ආවෙගශීලී ලෙස ප්‍රකාශ සිදු කළේය.

එහිදී මන්ත්‍රීවරයා “Shame on you… Shame on this Parliament” ආදී ලෙස සමස්ථ පාර්ලිමේන්තුව වෙත සහ කථානායකවරයා වෙත සිය අප්‍රසාදය පල කළේය.

ඊට විරුද්ධව අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අදහස් දැක්වූ අතර කථානායකවරයා නියෝග කළේ මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය හැන්සාඩ් වාර්ථා වලින් ඉවත් කර දමනා ලෙසයි.






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: