2026 ජූනි 07, පෙ.ව. 12:15
රට තුළ ඉන්ධන හිඟයක් මතු වීමට, විදුලිය විසන්ධි කිරීමට හෝ කෘෂිකාර්මික පොහොර සහ ඖෂධ වර්ග සපයා ගැනීමේ අපහසුතාවක් ඇති වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකදී අවධාරණය කර තිබේ.
එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී වර්තමාන තෙල් මිල ඉහළ යෑමේ ප්‍රවණතාව මෙන්ම මෙරට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය පිළිබඳව ද ගැඹුරින් විශ්ලේෂණය කර ඇත.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසය වන විට මෙරට ආනයන පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙක සීමාව ඉක්මවා ගොස් තිබූ බවයි.
මෙරට පවතින ඩොලර් සංචිතය සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෝටර් රථ ආනයනය සඳහා අධිභාරයක් පැනවීමට පියවර ගත් බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.
බලශක්ති හිඟයක් හෝ පොහොර හිඟයක් වැනි තත්ත්වයන් උද්ගත වුවහොත් එය සමස්ත දේශයේම පැවැත්ම බරපතළ අවදානමක හෙළන්නක් වන බැවින්, එවැනි ව්‍යාකූලත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව රාජ්‍ය නායකයා වැඩිදුරටත් කියා සිටියේය.
යම් හෙයකින් වෙළෙඳපොළේ මිල ගණන් තවදුරටත් ඉහළ ගියද, අදාළ ද්‍රව්‍ය හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට රජය කටයුතු සූදානම් කරන බව ද ඔහු පැවසීය.
එමෙන්ම, ඉදිරියේදී ආනයන සඳහා වැයවන පිරිවැය පාලනය කර ගැනීම වෙනුවෙන් තවත් විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත.
2026 ජූනි 07, පෙ.ව. 12:28
2026 ජූනි 07, පෙ.ව. 12:23
2026 ජූනි 07, පෙ.ව. 12:18
2026 ජූනි 07, පෙ.ව. 12:15
2026 ජූනි 07, පෙ.ව. 12:13
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26