2025 පෙබරවාරි 24, පෙ.ව. 12:20
දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බවයි.
එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්ය.
එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසත් එම නිවේදනයේ සඳහන් වනවා.
එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදයේ වැඩිදුරටත් පැවසනෙවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 011-7446491 යන දුරකථන අංකය අමතන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
2025 පෙබරවාරි 24, පෙ.ව. 8:47
2025 පෙබරවාරි 24, පෙ.ව. 12:32
2025 පෙබරවාරි 24, පෙ.ව. 12:28
2025 පෙබරවාරි 24, පෙ.ව. 12:23
2025 පෙබරවාරි 24, පෙ.ව. 12:23
24-02-25
24-02-25
24-02-25
24-02-25
23-02-25
23-02-25
23-02-25
23-02-25
23-02-25
23-02-25
22-02-25
22-02-25
22-02-25
22-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
20-02-25
20-02-25
20-02-25
20-02-25
19-02-25
19-02-25