hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2022 ජූලි 07, ප.ව. 12:39



ඉන්ධන ලබා ගැනීමට යාමේදී ජනතාවට සිදුවන අපහසුතා, ජනතාවගේ කාලය අනවශ්‍ය ලෙස වැයවීම වැළැක්වීමට හා තෙල් පෝලීම් තුළ සිදුවන ගැටුම්කාරී තත්වයන් පාලනයට වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය නිළධාරියෙකු විසින් පරිගණක යෙදවුමක් (Fuelometer) සකස් කොට තිබෙනවා

අදාළ යෙදවුම සකස් කොට ඇත්තේ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පංචලිංගම් තුසිදරන් නමැති සංවර්ධන නිළධාරි මහතා විසින්.

මෙමගින් වවුනියාව දිස්ත්‍රික්කයේ පවතින ඕනෑම ඉන්ධන පිරවුම්හළකට ඉන්ධන ලබාගත් වාහනයක දත්ත එනම් මීටපෙර වවුනියාව දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් තුළින් ඉන්ධන ලබාගෙන ඇතිද, කුමන දිනයේ ඉන්ධන ලබාගෙන ඇතිද, කොපමණ ඉන්ධන ප්‍රමාණයක් ලබාගෙන ඇතිද යන දැනගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ අනුව දින හතරකට පෙර ඉන්ධන ලබාගත් වාහන හිමියන්හට ඉන්ධන නිකුත් කිරීමට කටයුතු නොකරන අතර, ඒ තුළින් ඉන්ධන ජාවාරම සිදුකරන පිරිසට ජාවාරම සිදුකර ගැනීමට හැකියාවක් නොලැබෙන අතර, සෑම පුද්ගලයෙකුටම සීමිත ප්‍රමාණයක් හෝ ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවති.

එම යෙදවුම සම්බන්ධ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: