2025 මාර්තු 12, පෙ.ව. 12:27
ආණ්ඩුව බලයට පත්වී මාස 05 ක පමණ කාලයක් ගතවී ඇති නමුත් එම කාලය තුළ රුපියල් බිලියන 5156 ක් ණය ලෙස ලබාගෙන ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, මෙම මුදල්වලින් කල කාර්ය භාරය කුමක්දැයි රටට හෙළි කිරීම ආණ්ඩුවේ වගකීම බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා :
“අපේ රට ආර්ථික අර්බූදයක හිර වුණේ ගත්තු ණය ගෙවා ගන්න බැරි වීමෙන් කියන එක කවුරුත් දන්නා කරුණක්. එහෙම නම් මෙවර අයවැය කතාව ඉදිරිපත් කරන විට මාලිමා ආණ්ඩුව ණය කෙතරම් ගත්තා ද කියන එක ජනාධිපතිතුමා විසින් රටට හෙළි කරාවි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් අවාසනාවට අයවැය කතාවේ එහෙම දෙයක් කිව්වේ නෑ. ඒ නිසා මාලිමා ආණ්ඩුව මොනවා නැතත් ණය ගැනීම නම් ඉහලින්ම කරලා තිබෙන බව රටට හෙළි කිරීම අපේ යුතුකමක්.
2025 මාර්තු 5 වන දා වන විට ඒ කියන්නේ ආණ්ඩුව පත් වෙලා මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත්තු ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156ක්. කෝටි වලින් කිව්වොත් රුපියල් කෝටියේ ඒවා 515,600ක්. 2024 වසරේ ආණ්ඩුව රැස් කරපු ආදායම රුපියල් බිලියන 4,000යි. ඒත් මාස පහමාරකට ණය විතරක් අරන් තිබෙනවා රුපියල් බිලියන 5,156ක්.
මේ ණය වලින් රුපියල් බිලියන 3,775ක් ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන්. තවත් රුපියල් බිලියන 1,063ක් ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්. ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1,084ක් හෙවත් රුපියල් බිලියන 318ක් ණය අරගෙන තිබෙනවා.
මීට අමතරව ආණ්ඩුව ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය අයිරා පහසුකම් ලබාගෙන තිබෙන්න පුළුවන්. ඒ පිළිබඳ තොරතුරු සොයා ගන්න නෑ. ඒ වගේම මේ ණය වලින් සැලකිය යුතු කොටසක් මීට කලින් නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වලට ගෙවීම් කරන්න යොදා ගන්න ඇති. ඒවා අපි දන්නේ නෑ. මේ සල්ලි වලට මොකද කළේ කියන එක රටට කියන එක ආණ්ඩුවේ වගකීමක්.”
2026 මාර්තු 16, පෙ.ව. 9:05
2026 මාර්තු 16, පෙ.ව. 8:54
2026 මාර්තු 16, පෙ.ව. 8:52
2026 මාර්තු 16, පෙ.ව. 12:31
2026 මාර්තු 16, පෙ.ව. 12:29
14-03-26
14-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
04-03-26
04-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
22-02-26
22-02-26