hit counter

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා

2025 මාර්තු 15, ප.ව. 5:17



කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා තෙරිපත් ව තිබේ.

ඔහුට හිමිව ඇත්තේ කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයයි.

ඒ අනුව, කැනඩා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරිපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ගැරී ආනන්දසංගරී මහතා බවට පත්වනු ඇත.

නීතිඥයෙකු වන  ගැරී ආනන්දසංගරී මහතා දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටින පුද්ගලයෙකු බව සඳහන් වේ.

යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී මහතා, 1983 වසරේ කෝලහල පැවති සමගේ කැනඩාවට ගොස් ඇති අතර පසුව කැනඩාවේ පදිංචි වී ඇත.

දේශපාලනයට පිවිසීමට පෙර, ගැරී ආනන්දසංගරී මහතා නීතිඥයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.