2025 මාර්තු 21, පෙ.ව. 11:05
රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ගත කළ පළමු දිනයේ ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව පුවත්පතක් වාර්තා කරනවා.
මේ අතර ඔහු දැඩි ලෙස මානසිකව කඩා වැටී ඇති බවත්, කිසිවෙකු සමග කතා නොකර ඇති බව ද එහි සඳහන්.
එසේම වැලිගම පැලෑන ප්රදේශයේ සිදු වූ වෙඩි තබා ගැනීමෙන් පොලිස් නිලධාරියකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරු කළ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ මාතර මහේස්ත්රාත් අරුණ බුද්ධදාස මහතා සැකකරු ලබන 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (20) නියෝග කළා.
සැකකරු, දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනම ආරක්ෂක ස්ථානයක රඳවා තබන ලෙසට ද මහේස්ත්රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළා.
අධිකරණ කටයුතු අවසන්වීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බස් රථය මඟින් සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර සිර මැදිරිය වෙත රැගෙන යනු ලැබුවා.
2025 මාර්තු 23, පෙ.ව. 12:33
2025 මාර්තු 23, පෙ.ව. 12:28
2025 මාර්තු 23, පෙ.ව. 12:24
2025 මාර්තු 23, පෙ.ව. 12:19
2025 මාර්තු 23, පෙ.ව. 12:15
21-03-25
21-03-25
21-03-25
21-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
18-03-25
18-03-25
17-03-25
17-03-25
16-03-25
16-03-25
15-03-25
15-03-25