hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 08, ප.ව. 12:50



ලිමිණි රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ දරුවා අද (08) අලුයම සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වනවා.

ලිමිණි රාජපක්ෂ යනු හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳයි.

ඇය සහ ඇගේ දරුවා අද අලුයම 12.05 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් පළමුව සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබූ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවා.

ඇය සහ දරුවා කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇරලවීම සදහා නාමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

කටුනායක – ටී.කේ.ජී.කපිල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: