hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 මාර්තු 26, ප.ව. 4:34



පාදෙණිය ප්‍රදේශයේදී කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානය පිළිබඳව පරීක්‍ෂණ කමිටු වාර්තාව මෙතෙක් ලැබී නැතැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.

එම වාර්තාව ලැබුණු පසු එහි නිර්දේශ අනුව කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් අමාත්‍ය බිමල් රත්නායක මහතා මීට පෙර කියා සිටියේ මෙම යානය කඩා වැටුනේ යානයේ දෝෂයක් නිසා නොව පුහුණු වූ ගුවන් නියමුවන්ගේ අත්වැරද්දක් හේතුවෙන් බවය.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු ගුවන් හමුදාවද මාධ්‍ය වෙත සඳහන් කළේ අදාළ අනතුරේ වාර්තාව මෙතෙක් පරීක්ෂණ කමිටුව විසින් ලබාදී නොමැති බවයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: