2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:33
විපක්ෂයේ දේශපාලනඥයන් මහජන මුදල් අවභාවිත කරමින් සුඛෝපභෝගී ජීවිත ගත කර ඇති බවත්, ඔවුන්ගේ ඉතිරිව ඇති දේශපාලන බලය ද සහමුලින්ම තුරන් කිරීමට කටයුතු කරන බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය සතිය තුළ පමණක් දරුණු ගණයේ අපරාධකරුවන් 70කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බවයි.
ඉදිරියේදී අපරාධ මර්දනය සඳහා තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, එය මෙරට දේශපාලන ක්ෂේත්රයේ ද විශාල වෙනසකට මග පාදනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.
විපක්ෂයට තවදුරටත් අනාගතයක් හෝ දේශපාලන පැවැත්මක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔවුන් මෙරට කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් කොල්ලකා ඇති බවට චෝදනා කළේය.
එම කොල්ලකන ලද මුදල් යොදා ගනිමින් විපක්ෂයේ පිරිස් මෝටර් රථ ධාවන තරඟවල නිරත වීම, රාත්‍රී සමාජ ශාලාවල විනෝද වීම, ඉඩම් මිලදී ගැනීම සහ විවිධ සාද පැවැත්වීම වැනි කටයුතු සිදු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙරට විනාශ කිරීමට කටයුතු කළ එවැනි දූෂිත දේශපාලනඥයන්ගේ ඉතිරිව ඇති දේශපාලන බලය ද සහමුලින්ම අහෝසි කර දැමීම රජයේ අරමුණ බව අරුණ ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:39
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:21
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:12
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:02
04-09-26
04-09-26
27-08-26
27-08-26
25-08-26
25-08-26
19-08-26
19-08-26
17-08-26
17-08-26
11-08-26
11-08-26
09-08-26
09-08-26
05-08-26
05-08-26
04-08-26
04-08-26
28-07-26
28-07-26
22-07-26
22-07-26
21-07-26
21-07-26