2025 මාර්තු 27, පෙ.ව. 11:57
කුරුණෑගල පාදෙනය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වී ම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයන්ගෙව් පරස්පර අදහස් මතුවීම පිළිබඳව නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මහතා අදහස් පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ මොහොතට ලැබුණු තොරතුරුඒ මොහොතේ ඉදිරිපත් කරන ලද බවත් පසුව එම තොරතුරු වෙනස් වන්නේ නම් ඒ පිළිබඳව නව සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට පසුබට නොවන බවත්ය.
ඒ පිළිබඳ ලැජ්ජාවක් නොමැති බවත්ය.
කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
‘අපි ආණ්ඩුවක්නේ එතකොට අමාත්‍යංශ විසි හතරක් තියෙනවා. එතකොට මේක ඇතුලේ එක්කෙනෙක් විෂය කරුණු ඉදිරිපත් වෙනවා. එතකොට ඒ විෂය කරුණු ඉදිරිපත් වෙද්දී ඒ මොහොතේ දන්න තොරතුරු එක්ක තමයි අපිට දැන් අදහස් ඉදිරිපත් කරන්න වෙන්නේ. මොකද මේක අමාත්‍යංශෙ 24ක ලොකු ක්‍රියාවලියක්.
හැබැයි ප්‍රතිපත්තිය වෙනසක් නෑ. ඉතින් ඒක නිසා අපි ඒ මොහොතේ දන්න හොයාගත්ත නිවැරදිම තොරතුරු අපි ඉදිරිපත් කරමින් තියෙනවා.
ඒ වගේම අපි කිසි ලැජ්ජාවක් නෑ අපහසුතාවක් නෑ ඒ තොරතුරුවල නිවැරදිතාවය ගැටලුවක් තියෙනවා නම් අපි ඉතාමත් ඉක්මනින් මැදිහත්වෙලා ඒ නිවැරදිතාවය ගොඩනගන්න හදනවා.
දන්නැති දේ දන්නෑ කියන්නත් දන්න දේ කියන්නත් අපේ ආණ්ඩුව කිසිදු පැකිලීමක් නෑ. ඉතින් ඒ මොහොතේ තියෙන තොරතුරු මත තමයි අපි කවුරු හෝ කෙනෙක්ගේ අදහස් විදියට පත් කරන්නේ’
2025 අප්‍රේල් 01, ප.ව. 3:51
2025 අප්‍රේල් 01, ප.ව. 3:33
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:58
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:51
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:19
17-03-25
17-03-25
16-03-25
16-03-25
15-03-25
15-03-25
15-03-25
15-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
10-03-25
10-03-25
06-03-25
06-03-25
11-02-25
11-02-25
06-02-25
06-02-25
01-02-25
01-02-25
29-12-24
29-12-24