hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 09, පෙ.ව. 11:20



මේවන විට කොළඹ පැවැත්වෙන විරෝධතාවයට සහය දක්වමින් දිවයින පුරා නගර වල ජනතාවද විරෝධය පළ කිරීමට කටයුතු කර තිබුණා.

බොහෝමයක් නගර පාළු ස්වභාවයක් ගත් බවයි අප වාර්තාකරුවන් පැවසූවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ වත්මන් රජයට ඉවත් වන ලෙස බල කරමින් අද (09) දින කොළඹදි පැවැත්වෙන ජන අරගලයට සහයෝගය දක්වා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වල වෙලදසැල් වසා දමා ජන අරගලයට සහයෝගය දැක්විමට එම නගර වල වෙලද සංගම් පියවර ගෙන ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් කිහිපයක් පමණක් ධාවනය වු අතර හැටන් ලංගම ඩිපෝවේ බස් රථ ඩිපෝවේ ගාල් කර ඇති අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.

වතු කම්කරුවන් වර්ජනයේ

ජන අරගලයට සහයෝගය දක්වා පෞද්ගලික බස් රථ කිසිවක් ධාවනය නොවු අතර නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඖෂධ අලෙවිසැල්ද වසා දමා ඇති ආකාරයක් දක්නට ලැබුණා.

පොදු ප්‍රවාහන සේවය අඩාල විම නිසා විදේශිකයන් ඇතුළු සාමාන්‍ය මගින් පිඩාවට පත් වි ඇති අතර අද (09) දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ නගර කිහිපයකම උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කිරිමට කටයුතු කර ඇති අතර වතු ආශ්‍රිත තේ දළු නෙලිමේ කටයුතු වලට වතු කම්කරුවන් සේවයට වාර්තා කර නොමැති බව වතු අධිකාරිවරුන් පැවසුවා.

හලාවත පාළුයි

මේ අතර අරගලයට සහාය දැක්වීම සදහා අද(9) දා හලාවත නගරයේ මාලු සහ එලවලු අලවි සැල් වසා දමා ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

හලාවතින් ගමන් ආරම්භ කරන දුම්රිය සියල්ල හලාවත ගාල් කර ඇති බවත් හලාවත ලංගම සහ පුද්ගලික බස් නැවතුම් පොල පාලුවට ගොස් ඇති බවත් අප වාර්තාකරු පැවසුවා.

හැටන් – රංජිත් රාජපක්ෂ / පුත්තලම ජූඩ් සමන්ත