2025 අප්‍රේල් 26, පෙ.ව. 12:26
එළැඹෙන දෙසැම්බර් මාසය වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති බවට පත් කරන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.
කෑගල්ල ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කෙරූ අතර කෙසේ වෙතත්, දෙසැම්බරයට පෙර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කිරීම සදහා වන වැඩ පිළිවෙළ හෙළි නොකිරීමට ඒ මහතා ප්‍රවේශම් වන බවත් සදහන් කළේය.
ඒ වෙනුවට ඔහු පවසා සිටියේ, වත්මන් රජය දෙසැම්බරය වන විට ඉවත්වනු ඇති බවත්, එවිට පුරප්පාඩු වන ජනපති අසුනේ රනිල් වාඩි වීමට පෙර තමන් සජිත් එහි වාඩි කරවන බවයි. කලින් වතාවේ ගෝඨාභය රාජපක්ෂ කළ ආරාධනාව සජිත් ප්‍රතික්ෂේප කළද මේ අවස්ථාවේ දී එසේ නොවීමට තමන් වගබලා ගන්නා බවද කබීර් හෂීම් මහතා පාක්ෂිකයන්ට පොරොන්දු විය.
2025 අප්‍රේල් 26, පෙ.ව. 12:32
2025 අප්‍රේල් 26, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 26, පෙ.ව. 12:25
2025 අප්‍රේල් 26, පෙ.ව. 12:23
2025 අප්‍රේල් 26, පෙ.ව. 12:22