2025 අප්‍රේල් 27, ප.ව. 4:47
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා යූනියන් බැංකුව සමඟ උපායමාර්ගික බැංකු රක්ෂණ සහයෝගීතාවයකට එළඹීමට කටයුතු කළ අතර ඒ අනුව යූනියන් බැංකුවේ දිවයින පුරා විසිරුණු ගනුදෙනුකරුවන් හට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ මෝටර් සහ මෝටර් නොවන රක්ෂණ සේවාවන් ඇතුළු පුළුල් සාමාන්‍ය රක්ෂණ සේවා පෙළ සඳහා පහසු ප්‍රවේශය හිමිවනු ඇත. යූනියන් බැංකුවේ පුළුල් ශාඛා ජාලයට අයත් ඕනෑම ශාඛාවකට පිවිසෙන ගනුදෙනුකරුවන් හට සිය සාමාන්‍ය බැංකු කටයුතු සිදුකරන අතරම නවීන සාමාන්‍ය රක්ෂණ විසඳුම් සඳහාද ප්‍රවේශය හිමි වීම ඔවුන් හට සුවිසල් පහසුවක් වනු ඇත.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගියදා කොළඹ යුනියන් බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණු අතර HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා සහ යූනියන් බැංකුව වෙනුවෙන් එහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී දිල්ශාන් රොද්‍රිගෝ මහතා විසින් අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සිදු කෙරිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය. “යූනියන් බැංකුව සමඟ සහයෝගීතාවයෙන් ඔවුන්ගේ දිවයින පුරා විසිරුණු ගනුදෙනුකරුවන් වෙත අපේ සාමාන්‍ය රක්ෂණ සේවා විසඳුම් පෙළ ගෙන යාමට හැකි වීම අපට විශාල සතුටක්. නව බැංකු රක්ෂණ විසඳුම් මගින් ගනුදෙනුකරුවන්ට වඩා වැඩි පහසුව හා වැඩි වටිනාකමක් ළඟා කර දීමටත්, මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කිරීමටත් මෙම සහයෝගීතාවය හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් හි අපට හැකි වී තිබෙනවා.”
යූනියන් බැංකුවේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී දිල්ශාන් රොද්‍රිගෝ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ ඇති කරගත් නව බැංකු රක්ෂණ සහයෝගීතාවය අපේ ගනුදෙනුකරුවන් හට සියළු මූලික මූල්‍ය අවශ්‍යතාවයන් සපුරා ගත හැකි වන ආකාරයට සේවාවන් පුළුල් කිරීම සඳහා වන අපේ උත්සාහයේ අනගි ප්‍රතිඵලයක්. මෙම සහයෝගීතාවය නිසා දැන් යූනියන් බැංකුවේ ගනුදෙනුකරුවන් හට දිවයිනේ කොතැනක සිටියත් යූනියන් බැංකු ශාඛාවකට පිවිස ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන ආකාරයේ සාමාන්‍ය රක්ෂණ විසඳුම් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.”
යූනියන් බැංකුව හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ සේවාවන් සඳහා ප්‍රවේශය හිමි වන ගනුදෙනුකරුවන් අතරට බැංකුවේ සාමාන්‍ය ගිණුම් හිමියන්, ආයතනික ගනුදෙනුකරුවන් මෙන්ම මූල්‍ය විසඳුම් ලබා ගැනීම සඳහා බැංකුව කරා එන නව ගනුදෙනුකරුවන්ද ඇතුළු පුළුල් පරාසයක ගනුදෙනුකරුවන් ඇතුළත් වේ. මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ රක්ෂණ සහ බැංකු ක්ෂේත්‍රයන් තුළ මූල්‍ය අන්තර්ග්‍රහණය ප්‍රවර්ධනය, පාරිභෝගික පහසුව වර්ධනය කිරීම සහ සමස්ත විශිෂ්ටත්වය වර්ධනය කිරීම සඳහා වන ආයතන දෙකේම අභිලාෂයන් යථාර්තයක් කරන්නක් වීමද විශේෂත්වයකි.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සමාගම් සමූහයක් වන HNB සමූහයේ සාමාජිකයෙක් වන HNB ඇෂුවරන්ස් පී.එල්.සී සමාගමට අනුබද්ධිත සමාගමක් වන අතර සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ලෙසින් සිය ප්‍රමුඛස්ථානය අඛණ්ඩවම තහවුරු කරගනිමින් සිටින සමාගමකි. සිය පාරිභෝගික කේන්ද්‍රීයබව සහ අඛණ්ඩවම ව්‍යාප්ත වන ශාඛා ජාලය සම්බන්ධයෙන් නමක් දිනා සිටින යූනියන් බැංකුව HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ ඇති කරගත් නව බැංකු රක්ෂණ සහයෝගීතාවය හරහා සිය ගනුදෙනුකරුවන් හට වඩාත් පහසු, පරිපූර්ණ සේවාවක් ලබා දීමට අඛණ්ඩවම කටයුතු කරමින් සිටී.
2025 අප්‍රේල් 28, ප.ව. 4:23
2025 අප්‍රේල් 28, ප.ව. 2:41
2025 අප්‍රේල් 27, ප.ව. 4:45
2025 අප්‍රේල් 25, ප.ව. 2:55
2025 අප්‍රේල් 24, ප.ව. 1:34