hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ජූලි 09, ප.ව. 3:51



VVIP රථ පෙළක් කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සැරි සරමින් පවතිනවා.

එම වීඩියෝ දැක්වෙන පරිදි එම රථ පෙල කටුනායක ගුවන්තොටුපොල වෙත ගමන් කර ඇති බවයි වාර්තා වුණේ.

එම ප්‍රබලයා කවුරුන්ද යන්න කාගේත් අවධානය යොමු වී තිබුණා.

ඒෂියන් මිරර් වෙත වාර්තා වන අන්දමට එම රථ පෙළේ ගමන් කර ඇත්තේ දේශපාලනඥයෙකු නොවන බවයි.

ගුවන්තොටුපොල ආරංචි මාර්ග පැවසූවේ හිටපු හමුදාපති ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ගුවන් තොටුපොල වෙත පැමිණ නැවත පිටව ගිය බවයි.

ඒ අනුව එම ප්‍රභූ රථ පෙලේ ගමන් කර ඇත්තේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා බවට වාර්තා වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: