hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ජූලි 09, ප.ව. 7:52



මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස පහරදීමට නියෝග කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් බව සිරස ප්‍රවෘත්ති විකාශයේ සඳහන් කළා.

සිරස රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදී කණ්ඩායමටම පොලිස් විශේෂ කාර්ය බලකාය මෙලෙස පහර දීමක් සිදු කර ඇති අතර ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිරස මාධ්‍යවේදීන් තෝරාගෙන ඔවුන්ටම පහර එල්ල කළ බවත් ඔවුන් රෝගල්ගත කිරීමට ගිය පිරිසට ද බාධා එල්ල කළ බවද වාර්තා වෙනවා.

මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය හැදුනුම්පත පවා තිබියදී මෙලෙස පහර දීම අනුමත නොකරන බවද ඔවුන් පවසනවා.

සරසි පීරිස් මාධ්‍යවේදිනියට මැහුම් කිහිපයක්ද දමා ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළ බව ඔවුන් පවසනවා.