hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 ජූලි 10, ප.ව. 2:01



කොල්ලුපිටිය – පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මේ වන විට කොල්ලුපිටිය පොලිසිය භාරයේ රඳවා ඇති බවයි.

මොවුන් ගල්කිස්ස, ගාල්ල සහ ජාඇළ ප්‍රදේශවල පදිංචිකරුවන් බවද වාර්තා වෙනවා.

අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය මගින්  තවදුරටත් විමර්ශන සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.