2025 මැයි 25, පෙ.ව. 12:04
කොළඹ ප්‍රදේශ රැසකට අද (25) උදෑසන 08 සිට රාත්‍රී 08 දක්වා පැය 12 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, අයි.ඩී.එච්, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ
2026 මාර්තු 22, පෙ.ව. 12:15
2026 මාර්තු 22, පෙ.ව. 12:14
2026 මාර්තු 22, පෙ.ව. 12:12
2026 මාර්තු 22, පෙ.ව. 12:11
2026 මාර්තු 22, පෙ.ව. 12:00