2022 ජූලි 10, ප.ව. 3:03
කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල බස් ධාවනය දුර්වල මට්ටමක පවතින අතර ඇතැම් මාර්ග වල බස් ධාවනය එක් බස් රථයකට සීමා වී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
ඒ අනුව මගීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා තිබුණා.
මේ අතර ශ්‍රී ලංගම බස් රථ ද ධාවනය නොවන තත්වයක් වාර්තා වුණා.
මේ අතර අප හැටන් වාර්තාකරු සඳහන් කළේ හැටන් ලංගම සහ පෞද්ගලික බස් නැවතුම්පොලින් දිනපතා ධාවනය වන බස් රථ ගණනාවක් අද (10) ධාවනය නොවීම හේතුවෙන් මගීන් දැඩි අසිරුතාවයට පත් වූ බවයි.
මේ අතර පෞද්ගලික බස් රථ වලට හැටන් ලංගම ඩිපෝව මගින් දින 10 කට ආසන්න කාලයක් ඩිසල් ඉන්ධන ලබානොදීම නිසා පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වි ඇති බවයි හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති එස්.උදයකුමාර් මහතා කියා සිටියේ.
මේ අතර ඇතැම් මාර්ගවල ගමන් ගන්නා පුද්ගලික වාහන වල මගීන් නංවාගෙන යන ආකාරයක් ද දැක ගැනීමට හැකි වුණා.
හැටන් – රංජිත් රාජපක්ෂ
2025 පෙබරවාරි 02, ප.ව. 2:11
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:30
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:26
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:19
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:16