hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 ජූනි 03, පෙ.ව. 12:04



ජාතික ජන බලවේගයට මන්ත්‍රීවරුන් තේරී පත්වූයේ රැල්ලට බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා සඳහන් කරයි.

එසේ නොමැතිව අපි ගැන ඇතිවූ හොඳ පැහැදීමකින් නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

අපි අලුත් ඇඳුමක් ඇඳලා තියෙනවා. මමත් එහෙමයි. අපි විපක්ෂයේදි මේක මෙහෙම හොඳයි අරෙම කරන්නේ නැත්තේ ඇයි නේද අපි ඇහුවා ආණ්ඩු පක්ෂයෙන්.

දැන් අපි ආණ්ඩු පක්ෂය. දැන් අපි දෙන්න ඕනේ උත්තර.

දැන් මට අද කිව්වොත් මගේ ඇමතිකම නැති වෙන්න පුළුවන්. මගේ මන්ත්‍රීකමෙන් යන්න කිව්වොත් මම යන්න ඕනේ.

ජනාධිපති ඡන්දය තමයි අපි හොඳටම බර දාල කරේ. ඒ වෙනකන් අපිට 100%ක් විශ්වාස තිබ්බේ නැහැනේ අපිට එන්න පුළුවන් කියන එක.

මහ මැතිවරණය ආවා ඒක ඉතින් අර රැල්ලත් එක්ක තමයි ආවේ. ඒ රැල්ල තාමත් තියෙනවා මතක තියාගන්න. හැමතැනම කොට්ඨාස සභා වලට කට්ටිය ආවෙත් මේ අපි ගැන තියෙන හොඳ පැහැදීමක් ඇතුව නෙමෙයි. අනිත් දෙපැත්තම හොඳ නෑ කියලා අපි ළඟට ආවා’