hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 ජූනි 19, ප.ව. 1:20



මහජන බැංකුව සිය ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ බටහිර දොරටුව වෙත පිවිසෙන පෙත්මඟ ඉදිකිරිමට කටයුතු කළ අතර, එය විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.

මේ අවස්ථාවට අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමි, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහය සේවා) ඉඳූමිණි රත්නායක හා අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාර තිස්ස තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුපරික්ෂණ කුටි දෙකක් ඉදිකිරීමට සහ ස්කැනර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරිමටද පසුගිය වසරේදි මහජන බැංකුව විසින් කටයුතු කරන ලදි.