hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2022 ජූලි 11, ප.ව. 4:38



ඉන්ධන රැගත් නෞකා හතරක් ළඟදීම මෙරටට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.  

ඩීසල් රැගත් නෞකාවක් හෙට (12) සිට 15දා අතර කාලයේත්, බොරතෙල් නෞකාවක් ලබන 14දා සහ 16දා අතර කාලයේත්, දැවිතෙල් නෞකාවක් 15දා සිට 17 අතර කාලයේදීත් මෙරටට ළගාවීමට නියමිත බව ද  එම නෞකා කොළඹට පැමිණීමෙන් පසු මුදල් ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

පෙට්‍රල් නෞකාව ලබන 17දා සහ 19දා  අතර කාලයේදී ළගාවීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.