hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2025 ජූනි 24, පෙ.ව. 10:54



චීනයේ ෂැංහයි නුවර පැවති 27 වන ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම උළෙලට සහභාගී වූ ” රිවස්ටන් “(Reverstone) චිත්‍රපටයෙහි විශිෂ්ඨතම තිර රචනය සහ විශිෂ්ඨතම කැමරා අධ්‍යක්ෂණය සදහා වූ සම්මාන ද්විත්වයක් හිමි කර ගත් කළාකරුවන් දෙදෙනා 06/23  දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙහිදී මෙම චිත්‍රපටයෙහි තිර රචනය සිදු කළ ලලිත් රත්නායක සහ කැමරා අධ්‍යක්ෂණය සිදු කළ ප්‍රභාත් රෝෂන් මෙම සම්මාන ද්විත්වය හිමි කර ගෙන තිබුණි.

මෙම සම්මාන උළෙල ඉකුත් 06/15 දින සිට 06/22 දින දක්වා චීනයේ ෂැංහයි නුවර පවත්වා තිබුණි.

මෙම චිත්‍රපට උළෙලේ සම්මාන ද්විත්වයක් හිමි කර ගත් එකම චිත්‍රපටය වූයේ ද මෙම රිවස්ටන් චිත්‍රපටයයි.

මෙම සම්මාන ද්විත්වය රැගත් ලලිත් රත්නායක සහ ප්‍රභාත් රෝෂන් 06/23 දින රාත්‍රී 06.46 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් මෙන්ම මෙම ක්ෂේත්‍රයේ කළාකරුවන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.