2025 ජූනි 25, ප.ව. 4:54
SDB බැංකුව සිය මූලික ප්‍රතිපත්ති වලට අනුව යමින් වටිනාකම් දාම මූල්‍යකරණය (Value Chain Financing – VCF) තවත් මූලික ව්‍යාපාර මෙහෙයුමක් බවට පත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ යටතේ අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ට සහ ගැනුම්කරුවන්ට තිරසාර මූල්‍ය සහයෝගය සපයමින් ප්‍රජාවන් සවිබල ගැන්වීමට SDB බැංකුව කටයුතු කරනු ඇත. VFC ව්‍යාපාර ආකෘතිය විවිධ ක්ෂේත්‍රවලට නියැලී සිටින පුද්ගලයින් සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ සුවිශේෂී අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයේ මූල්‍ය සහයෝගය ලබා දෙමින් එම ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට ඉලක්ක කරන ආකෘතියකි.
මේ යටතේ මෑත කාලය තුල SDB බැංකුව විසින් දරන ලද ප්‍රයත්නයක් වශයෙන් කිරි කර්මාන්තය වෙනුවෙන් වටිනාකම් දාම මූල්‍යකරණ ක්‍රමයක් දියත් කිරීම හැඳින්විය හැකිය. SDB බැංකුවේ කුලියාපිටිය ශාඛාව විසින් මෙහෙයවන ලද මෙම සීමා සහිත ව්‍යාපෘතිය පොල් ත්‍රිකෝණයේ කිරි ගොවීන්ගේ සමූපකාර සංගමයේ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ලද්දකි.
මෙම ව්‍යාපෘතිය යටතේ වෙන් කරන ලද අරමුදල් ගව ගාල් අලුත්වැඩියා කිරීම, අලුතින් ඉදිකිරීම සහ ගවයින් මිල දී ගැනීම සඳහා කිරි ගොවීන් හට බොහෝ උපකාරී වූ අතර මේ ප්‍රයත්නය හරහා ප්‍රදේශයේ කිරි කර්මාන්ත ක්ෂේත්‍රයට දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගැනීමට අවස්ථාව උදා වී ඇත.
සිය සහයෝගය මූල්‍ය සවිය සැපයීමට පමණක් සීමා නොකළ SDB බැංකුව කිරි ගොවීන්ට වැදගත් වන දැනුම ලබා දිම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවත්වූ අතර ඒ හරහා ඔවුන්ගේ කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය වන දැනුම සහ අත්‍යවශ්‍ය මූල්‍ය දැනුම ලබා දීම සිදු කෙරිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ විධායක අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසීය “වටිනාකම් දාම මූල්‍යකරණය කෙරෙහි අවධානය යොමු කිරිම ඒ ඒ කර්මාන්ත ක්ෂේත්‍රයන්ට ගැලපෙන මූල්‍ය විසඳුම් සැපයීම හරහා කර්මාන්ත ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට SDB බැංකුවේ ඇති කැපවීම තහවුරු කරන්නක්. සීමා සහිත පොල් ත්‍රිකෝණයේ කිරි ගොවීන්ගේ සමූපකාර සංගමය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය අපේ පළමු ව්‍යාපෘතියයි. එය කිරි කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් අප දක්වන විශේෂ සැළකිල්ල පෙන්වා දෙන ව්‍යාපෘතියක්. මේ ආකාරයේ ව්‍යපෘති අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයන් සංවර්ධනය කරන අතරම සමස්ත ආර්ථිකය සහ ජාතික සංවර්ධනයේ උනන්තියටත් දැවැන්ත දායකත්වයක් සිදු කරන බව අපේ විශ්වාසයයි”.
කිරි ගොවීන් වෙනුවෙන් පැවත්වුණු දැනුවත් කිරීමේ වැඩසටහනේදී ඵලදායී ගව පාලනය, කිරි ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේද සහ මූල්‍ය සාක්ෂරතාවය වැනි වැදගත් මාතෘකා රැසක් ආවරණය කරමින් දැනුම බෙදා දීම සිදු කෙරිණි. SDB බැංකුවේ කණ්ඩායම සහ බාහිර විශේෂඥ උපදේශකයින්ගේ සම්පත් දායකත්වයෙන් සිදු කෙරුණු මෙම වැඩමුළුව ප්‍රදේශයේ කිරි ගොවීන් දැනුමෙන් සහ දක්ෂතාවන්ගෙන් සන්නද්ධ කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.
ශ්‍රී ලාංකික ප්‍රජාවන්, සමූපකාර ආයතන, ව්‍යවසායකයින් සහ ප්‍රගතිශීලී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය දීමටත් සහ ඔවුන් සවිබල ගැන්වීමටත් නිරන්තරයෙන්ම කැපවී සිටින SDB බැංකුව දේශීය කිරි කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් කැප වී සිටින අතර ඉදිරියටත් කිරි කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරමින් ක්ෂේත්‍රය තුළ තිරසාර සංවර්ධනයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.
2025 ජූනි 25, ප.ව. 4:51
2025 ජූනි 25, පෙ.ව. 11:26
2025 ජූනි 25, පෙ.ව. 11:23
2025 ජූනි 24, පෙ.ව. 10:41
2025 ජූනි 23, ප.ව. 12:23