hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 ජූනි 27, ප.ව. 6:30



ජාතික ජන බලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා හමු වී තිබෙනවා.

ඒ අද (27) සවස ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටිය දී ය.

එම දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති අතර මන්ත්‍රිවරයා කනංකේ පොලීසියට පැමිණ ඇති බව ද පොලීසිය සදහන් කළේ ය.

මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයා සහ කමනි මාලා අල්විස් මන්ත්‍රිවරියයි.

අද (27) වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවතියේ ය.

එහිදී මොවුන් දෙදෙනා පැහැරගැනීමකට ලක්ව තිබෙනවා.

ඒ අනුව එහි ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතු ද කල් තැබිණ.

මේ අතර, ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභිකධුර 22ක් හිමිකරගෙන තිබූණේ ය.

එමෙන්ම, සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමිකරගෙන තිබූ සභිකධුර සංඛ්‍යාව ද 22ක් වේ.