2025 ජූනි 30, පෙ.ව. 12:03
තමන් භාවිත කළ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක කුලිය බව පවසමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ රුපියල් 240,000ක මාසික ගෙවීමක් ලබාගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
එවකට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ලේකම්වරියක විසින් ජාතික රූපවාහිනියෙන් මර්සීඩීස් බෙන්ස් රථයක කුලිය යැයි කියමින් මුදලක් ඉල්ලා ලිපියක් යොමු කිරීම මෙම විමර්ශනයට පාදක වී ඇති අතර එම ලිපිය තුළ සඳහන් වාහන අංකයෙන් යුක්ත වාහනයක් අමාත්‍යවරයා පාවිච්චි කර නොමැති බවට කරුණු අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම සිදුවීම පිළිබඳ විමර්ශන අවසන් කර නොමැති පසුබිමක යම් පාර්ශ්වයක් විසින් මෙම විමර්ශනයේ තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමෙන් විමර්ශනවලට බලපෑම් එල්ලවේදැයි සැකයක් මතුව තිබේ.
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණු ආකාරයට රුපියල් 240,000ක මාසික කුලිය රඹුක්වැල්ලගේ මිතුරියකගේ බැංකු ගිණුමකට තැන්පත් කර ඇත. එම මුදල් චෙක් පතකින් එම තැනැත්තියගේ සැමියා විසින් ලබාගෙන තිබේ. කෙසේ වෙතත් එම මුදල් හිටපු අමාත්‍යවරයා විසින් ලබාගෙන තිබේද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරෙමින් පවතී.
මෙම විමෛශණයට අදාළ තොරතුරු කල් තබා ප්‍රසිද්ධ වීමෙන් මෙම විමර්ශනයට පාදක වන සැකකරුවන්ට සාක්ෂි වෙනස් කිරීමට, වෙනත් අධිකරණවලින් නියෝග ලබාගැනීමට උත්සාහ කිරීමට මෙන්ම තොරතුරු සැඟවීම හෝ විකෘති කිරීමට අවස්ථාව හිමිවන බැවින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තොරතුරු මාධ්‍ය වෙත නිකුත්කිරීම ඉතා බරපතල තත්වයකි.
මේ අතර, රඹුක්වැල්ල කොළඹ මහාධිකරණයේ වෙනම අධිකරණ නඩු දෙකකට ද මුහුණ දී සිටී.
පළමු නඩුවට රජයේ රෝහල්වලට ව්‍යාජ ඉමියුනොග්ලොබුලින් කුප්පි සැපයීමට කුමන්ත්‍රණය කිරීම, එම කුමන්ත්‍රණය හරහා රුපියල් මිලියන 144.4ක් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සහ අපරාධයට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා ඇතුළත් වේ.
මෙම නඩුව සම්බන්ධයෙන් රඹුක්වැල්ල සහ තවත් විත්තිකරුවන් 11 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ චෝදනා 13ක් යටතේ අධිචෝදනා ගොනු කර ඇති අතර, විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් ලබන සතියේ සිතාසි නිකුත් කිරීමට නියමිතය.
නඩුවේ එක් විත්තිකරුවකු හැර අනෙක් සියලු දෙනා දැනට ඇප මත නිදහස්ව සිටිති.
මේ අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රඹුක්වැල්ලට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා ගොනුකර ඇත.
ඔවුන්ට චෝදනා 43ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබේ.
තමන් පාර්ලිමේන්තුවට පැමිණියේත් බෙන්ස් කර් එකක බවත්, යන්නේත් බෙන්ස් එකකින් බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 මැයි 19 වැනිදා පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වමින් ප්‍රකාශ කළේය. ඔහු කීවේ තමන්ගේ නිවස ඊර්ෂ්‍යාකරුවන් විසින් ගිනිබත් කළ බවයි. තමන්ගේ සුවිසල් නිවස ගැන ඉරිසියාවෙන් නිවස ගිනිතැබූ බවත්. ‘යකෝ මූ මහාරජා කෙනෙක් වගේනේ ජීවත්වෙලා තියෙන්නේ.‘ කියා කියමින් ගිනිතැබූ බවත් ඔහු කියා තිබුණි. කෙසේ වෙතත්, ඔහු එහිදී නොතැකූ කරුණ වූයේ, ඔහුගේ නිවස ගිනිබත් කිරීමට හේතුව ඔහු ඇතුළු පිරිස විසින් සිදුකර ඇති වංචා දූෂණ පිළිබඳ විවේචනය බවය.
Source – Sunday Times
2025 ජූනි 30, ප.ව. 9:53
2025 ජූනි 30, ප.ව. 5:41
2025 ජූනි 30, ප.ව. 1:01
2025 ජූනි 30, ප.ව. 12:58
2025 ජූනි 30, ප.ව. 12:47
26-06-25
26-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
28-05-25
28-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-04-25
20-04-25
17-04-25
17-04-25
15-04-25
15-04-25