2025 ජූලි 01, ප.ව. 5:25
එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවය.
කෙසේ වෙතත් අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව එළැඹෙන ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක බවද එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
2025 ජූලි 02, පෙ.ව. 12:22
2025 ජූලි 02, පෙ.ව. 12:14
2025 ජූලි 02, පෙ.ව. 12:12
2025 ජූලි 02, පෙ.ව. 12:07
2025 ජූලි 02, පෙ.ව. 12:06